ඩෝසන් කුළුන ගැන සටහනක්
=================

ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග‍්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබූ අතර, පේරාදෙණිය දක්වා ගන වනාන්තර මැදින් ගමන් කළ මේජර් ඩේව් ඇතුළු ඉංග‍්‍රීසි හමුදාව එතැන් සිට මහනුවරට ළඟාවූයේ මහවැලි ගංඟාව තරණය කිරීමෙනි. හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති "වටපුළුව" අම්බලමේ මේජර් ඩේව් ඇතුළු පිරිස රාත‍්‍රිය ගතකළහ. ගන කැලය මැද දින ගණනක් නතර වී සිටි හමුදාවේ සමහර සෙබළුන්ට "කැළෑ උණ" ලෙස හැඳින්වූ මැලේරියාව වැළඳිණි. රෝගය උත්සන්න වීමෙන් භටයෝ කීපදෙනෙක්ම ජීවිතක්‍ෂයටඤ පත්වූහ.

A collection of Photographs taken during British Colonial Era (1815-1948)

"පුරන් අප්පු ඝාතනය කරයි"
මා වැන්නන් සිව් දෙනකු සිටියා නම් මහනුවර අල්ලනවා" - පුරන් අප්පු

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි

බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් පුරන් අප්පු ඇල්ලීම සඳහා වරෙන්තුවක්‌ නිකුත් කර තිබිණි. වරෙන්තුවෙහි සඳහන් වන විස්‌තරවලට අනුව ඔහුගේ වයස අවුරුදු 34 කි. උස අඩි 7 අඟල් 6 කි. 1813 වසරේ මොරටුවේ උපන් පුරන් අප්පුගේ නම තෝමිස්‌ ප්‍රැන්සිස්‌කෝ ප්‍රනාන්දු ලෙස සඳහන් වෙයි. වීරහැන්නදිගේ කැලිස්‌ටර් ප්‍රනාන්දු ඔහුගේ පියා වූ අතර මව හෙලේනා නෝනිස්‌ නම් වූවාය. හාරිස්‌පත්තුවේ බණ්‌ඩාර මැණිකේ සමග විවාහව සිටි අතර බ්‍රිතාන්‍ය රජයට එරෙහිව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සාක්‍ෂි නොමැති වීමෙන් නිදහස්‌ වී තිබේ. ඉන් පසුව අවස්‌ථාවකද මොහු අල්ලා පිටුවහල් කිරීමට උත්සාහ දරන ලද අතර හිරගෙය කඩාගෙන පැනගොස්‌ ඉන්පසු 1848 දී නිදහස්‌ සටනට සම්බන්ධ වී තිබේ. මාතලේ කොටුවට පහර දෙන ලද්දේද ඔහුය.

ක‍්‍රිස්තු වර්ෂ 411 දී ලංකාවට පැමිණී චීන ජාතික පාහීයං හික්ෂුව මෙන්ම ක‍්‍රිස්තු වර්ෂ 1344 දී ලංකාවට පැමිණි අරාබි ජාතික ඉබ්න් බතූතාද රාජකීය භාණ්ඩාගාරය අගනා සුදෝ සුදු මුතුකැට වලින් පිරී තිබූ බව සටහන් කර තිබේ. එසේ නම් අරිප්පුවේ මුතු කැඞීම කෙරී තිබෙන්නේ ඒ තරම්ම ඈත අතීතයක සිටය.

තම රුවල් නැව සුළඟට හසුවී ලංකාවට සේන්දු වූ පෘතුගීසීහු ඊළඟට ලංකාවේ මුහුදු බඩ පෙදෙස් තම ග‍්‍රහණයට නතු කර ගත්හ. ඒ අනුව අරිප්පුවේ වෙරළද ඔවුන් සතු කරගත් පෘතුගීසිහු 1620 ගණන් වලදී අරිප්පුවේ බළකොටුවක් තනා ගත්තේය. හැබැයි එය කුඩාම කුඩා බළකොටුවකි. සේනාංක දෙකක් පමණක් රඳවා තැබීමට හැකි පරිදි කුඩාවට තැබූ මේ බළකොටුවේ ප‍්‍රධාන ගේට්ටුව තිබුණේ මුහුද දෙසිනි. හතර පැත්තම පෙනෙන පරිදි තැනූ බැලූම් කුළුණට නැගුණු විට පෙනුණේද මනස්කාන්ත දර්ශනයකි.

Subcategories

About Sri Lanka

 
Name: In Sinhala: ශ්‍රී ලංකාව
In Tamil: இலங்கை
In English: Sri Lanka
Official Name: Democratic Socialist Republic of Sri Lanka
Coordinates: Latitude: 7.0000° N, Longitude: 81.0000° E
Dialing code: +94
Currency: Sri Lankan Rupee (LKR)
National anthem: Sri Lanka Matha ( Lyrics, music and song download)
Population: 20.33 million (2012) World Bank
Gross Domestic Product (GDP) $59.42 billion (2012) World Bank
Official languages: Sinhala, Tamil
Go to top
JSN Boot template designed by JoomlaShine.com