ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ 1885 අප්‍රේල් මස 28 වන දිනය.
මෙම කොඩිය, 1884 ජනවාරි 28 දින පිහිටවු බෞද්ධාරක්‍ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත්කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් මෙම නිර්මාණය සම්මත කරගෙන ඇත. එම දස පුද්ගල කමිටුවේ...

රූමස්‌සල කඳුවැටියෙන් හා ගාලු කොටුපවුරෙන් සෙවණ වූ ගාල්ල වරාය සුන්දර දිය කඩකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ අඩසියවසකටත් වඩා වැඩි කාලයක්‌ ගාලු වරාය පැවතියේ ලංකාවේ ප්‍රධාන හා කාර්යබහුල වරායක්‌ වශයෙනි. ඒ විතරක්‌ නොව එකල ගාල්ල නගරය කාර්යබහුල නගරයකි. මේ රටින් පිටරට යන්නෝ ගාලු වරායෙන් නැව් නැංගාහ. පිටරටින් මෙරටට එන්නෝ ඉන් මෙරටට ගොඩ බටහ.
සතියකට වරක්‌ පී. ඇන්ඩ් ඕ. සමාගමේ නැව්වලින් ගමන් කිරීමට පැමිණි ජනී ජනයාගෙන් ගාලු ජැටිය පිරී පැවතුනි. එකල බොහෝ අවස්‌ථාවල ගාලු වරාය පුරා නැව් නවතා තිබෙනු දක්‌නට ලැබීම සුලභ දර්ශනයක්‌ විය. එකල යුරෝපයේ සිට ඔස්‌ටේ්‍රලියාවට සහ ඈත පෙරදිගට ගමන් කළ මගීන්ට ගාලු වරාය කදිම නවාතැන් පොළක්‌ව පැවතිනි. ඒ විතරක්‌ නොව, ඕලන්ද කාලයේ පටන් කුරු`දු, ගම්මිරිස්‌ පිටරට පැටවූයේ ගාලු වරායෙනි.

ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප්‍රදර්ශනය කරනු ලබන අතර , කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන සංකේත පිළිබඳව ඔබ දැනුවත් කිරීම වෙනුවෙන් මෙම ලිපිය යොදා ගන්නෙමි.
ලංකාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී. කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප්රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු.

Subcategories

About Sri Lanka

 
Name: In Sinhala: ශ්‍රී ලංකාව
In Tamil: இலங்கை
In English: Sri Lanka
Official Name: Democratic Socialist Republic of Sri Lanka
Coordinates: Latitude: 7.0000° N, Longitude: 81.0000° E
Dialing code: +94
Currency: Sri Lankan Rupee (LKR)
National anthem: Sri Lanka Matha ( Lyrics, music and song download)
Population: 20.33 million (2012) World Bank
Gross Domestic Product (GDP) $59.42 billion (2012) World Bank
Official languages: Sinhala, Tamil
Go to top
JSN Boot template designed by JoomlaShine.com